හිටපු මැති ඇමතිවරුන් 30කට නඩු

නිළ නිවාස භාර නොදුන් පසුගිය රජයේ හිටපු මැති ඇමතිවරුන් 30 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

නිළ නිවාස භාර දෙන ලෙසට අදාළ මැති ඇමතිවරුන්ට අවස්ථා කිහිපයකදීම ලිඛිතව දැනුම් දී ඇතත් ඔවුන් ඒ සඳහා නිසි ප‍්‍රතිචාරයක් දක්වා නොමැති නිසා අලුතෙන් නිවාස ඉල්ලුම් කර ඇති ඇමතිවරුන්ට නිවාස ලබා දීමද ගැටලුවක් වී ඇතැයිද එම තත්වය තුළ මෙලෙස නඩු පැවරීම සඳහා තීරණය කර ඇතැයිද පැවසේ.

නිළ නිවාස භාර නොදුන් මැති ඇමතිවරුන්ගෙන් බහුතරයක් ඉකුත් මහමැතිවරණයෙන් පරාජයට පත්වූවන් බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn