උපේක්ෂා, බන්දුල, රුවන්ති ජනාධිපති කොමිසමට කැඳවයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවී ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී, රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය සහ ප්‍රවීන ගායන සහ රංගන ශිල්පී බන්දුල විජේවීර මහතා අද (29) බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් මුදල් ලබාගත් බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මොවුන් දෙදෙනා කැඳවා ඇති අතර මේ වනවිට ඔවුන්ගෙන් එම ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යන බව වාර්තා වේ.

මේ අතර රංගන ශිල්පිනී රුවන්ති මංගලා මහත්මියද ප්‍රකාශයක් ලබාදීම සඳහා බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා ඇති අතර මේ වනවිට ඇයගෙන්ද අදාළ ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යන බවා වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn