දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපය මුහුණ දෙන දරුණුම සංක්‍රමණික ප්රශ්නය හමුවේ යුරෝපය තුළ ව්‍යූහාත්මක වෙනස් කිරීම් පවා ඇති කළ යුතු මට්ටමක් උදා වී අති බව යුරෝපා සංගම් ප්‍රකාශකයකු මාධ්‍යයට පවසා ඇත. යුරෝපා මහද්වීපයේ මධ්‍යධරණී කලාපය තුළ නව සංක්‍රමණිකයින් 70,000කට අධික ප්‍රමාණයක් මේ වනවිට පැමිණ ඇති බව පැවසේ.
යුරෝපා සංගම් ප්‍රධානී ජින් ක්ලෝඩ් පවසා ඇත්තේ තම සංගමයේ සාමාජිකයින් මෙම ප්රශ්නය හමුවේ මන්දගාමී වී ඇති බවත් ලබා දිය යුතු සහාය සහ මූල්‍ය ප්‍රධාන ලබා දීම අවශ්‍ය වේගයෙන් ක්‍රියාත්ම නොවන බවත්ය.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසන පරිදි මෙම වසර තුළ යුරෝපයට ඇදී ආ සංක්‍රමණිකයින්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් සිරියානුවන් බවත් ඉතිරි පිරිස ඇෆ්ගනිස්ථානයෙන් හා ඉරාකයෙන් බව සඳහන් වේ. ඔවුන් හට කිසිදු විවේචනයකින් තොරව රැකවරණය පැතීමට අයිතියක් ඇති බව සඳහන් කරන එක්සත් ජාතීන්ගේ ආධාර ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත්තේ මේ වනවිට උත්සන්න වී ඇති සිරියානු අර්බුදය හමුවේ ඉදිරියේදී මිලියන 14කට පමණ පිරිසකට රැකවරණය සැලසීමේ තත්වයක් උදාවනු ඇති බවය.









