පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයට අභියෝගයක්

සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාට පොලිස් අත්අඩංගුවේදී පහර නොදුන් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශකළද තමන්ට පොලිස් අත්අඩංගුවේදී අමානුෂික ලෙස පොලිස් නිලධාරීන් පහර දුන් බව සනාත කරමින් පහරදීම්වලින් ඇති වූ තුවාල කැලැල් සහිත ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කිරීමට දුනේෂ් ප්‍රියශාන්ත එම මේ වනවිට කටයුතු කර තිබේ.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය මේ වනවිට අභියෝගයට ලක් වී ඇත.

සේයා සදෙව්මි දැරිය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදු වීමේදී කොටදෙනියාව පොලිසිය ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳවත්  සාමාන්‍ය පුරවැසියන් කිසිදු වග විභාගයකින් තොරව වැරදිකරුවන් ලෙස මාධ්‍යයට හෙළිදරව් කිරීමත් සම්බන්ධයෙන් සමාජය තුළ බලවත් විරෝධයක් මතු වී තිබේ.


Facebook
Twitter
LinkedIn