audio:- අපේ මිනිසුන්ට ඉඩම් පිළිබඳව තිබෙන්නේ ඥාතීත්වයක්

අපි වැනි ආසියාතික රටවල ජනතාවට ඉඩම් පිළිබඳව තිබෙන්නේ දේපළ සම්බන්ධයකින් ඔබ්බට ගිය ඥාතීත්වයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

රටේ විවිධ ප්‍රදේශවල ජනතාවට ඉඩම් පිළිබඳව අර්බුදයකට මුහුණදීමට සිදුව ඇති බවත් විශේෂයෙන් යුද්ධය අවසන් වූ වහාම එම ප්‍රදේශවල ඉඩම් පිළිබඳ ගැටලුව ඉතා ඉක්මණින් විසඳිය යුතුව තිබූ නමුත් පාලකයන් ඉඩම් පිළිබඳ ගැටලුව සමග එම ජනතාවට සිත්තැවුලක්ද හිමිකර දී ඇති බව අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ෂාහුල් එච් හස්බුල්ලා මහතාගේ Denying the Right to Return (Resettlement in musali South and the Wilpattu Controversy) කෘතිය එළිදැක්වීම නිමිත්තෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

{mp3}anura_dissanayake-2015.10.28{/mp3}

Facebook
Twitter
LinkedIn