ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර ගුවන් ගමන් නවතියි

ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර ගුවන් ගමන් නවතියි

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලික අත්හිටුවා ඇතිබව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කරයි.

තානාපති නිමල් බණ්ඩාර සඳහන් කරන්නේ, පවතින යුදමය තත්වය හේතුවක් කරගනිමින් ඊශ්‍රායල ගුවන් සමාගම් එම පියවර ගෙන ඇති බවය.

එමෙන්ම ඉදිරි දිනවල යම් ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලය වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටීනම්, අදාළ අංශ සමග සාකච්ඡා කර, දිනය සංශෝධනය කරගන්නැයිද, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති වැඩිදුරටත් පවසයි.

පවතින තත්වය හේතුවෙන් ලාංකිකයින්ට බලපෑමක් වූ බවට මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn