ඊයේ (14) රාත්‍රියේදී 17 හැවිරිදි පාසල් සිසුවියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඇයගේ ගෙල ප්‍රදේශයට වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝගහල් ගත කර ඇති බවත් වාර්තා වේ.
අදාළ සිසුවිය පවුලේ අය සමග මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.
වෙඩිතැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මින්නේරිය පොලිසිය විමර්ශන සිදුකරයි.
සිසුවිය පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද වාර්තා වේ.
428










