ගුවන් හමුදාවේ බාගයක් කපාහරී

ගුවන් හමුදාවේ බාගයක් කපාහරී

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භට පිරිස 35,000 සිට 18,000ක් දක්වා අඩකින් අඩු කරන බව මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් උදේනි රාජපක්ෂ ඊයේ (10) ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

නවීන තාක්ෂණයට මුල් තැන දෙමින් මෙම කපා හැරීම සිදුකරන බවත් 2030 වර්ෂය වනවිට ගුවන් හමුදාවේ සමස්ත භට පිරිස 18,000ක සීමාවට ගෙන එන බවත් ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්