අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ දේශපාලන චරිත සහතිකයක් ලබා දී තිබෙන අතර ජනාධිපති මාධ්‍ය ඒකකය තුළින් ඒ සඳහා විශාල ප්‍රචාරයක් ද ලබා දී තිබේ.
නීතිඥයෙකු වශයෙන් පත් වී වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සහ ජනාධිපති නීතිඥයෙකු වශයෙන් වසර 20ක් සම්පූර්ණ වීම සම්බන්ධයෙන් පවත්වන ලද රාත්‍රී සාදයකදී විජේදාස රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති මෙම සහතිකය දී තිබේ. “දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථා ගණනාවකදී ම විජේදාස රාජපක්ෂ මහතා රට වෙනුවෙන් මා සමඟ එක් වුණා“ යන සිරස්තලයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකට විසින් අදාළ ප්‍රචාරය ලබා දී තිබිණි.
පසුගිය 05 වෙනිදා හිල්ටන් හෝටලයේදී පවත්වන ලද රාත්‍රී සාදය අමතමින් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙන්නේ “1977 වසරේ තමා මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසි අවස්ථාවේදී විජේදාස රාජපක්ෂ මහතා හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔහු එකල එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ අපේක්ෂකයෙකු වූ බවත් සඳහන් කළේය.“යනුවෙන් අතීතාවර්ජනයක් ද සිදු කර තිබේ. මෙම උත්සවයට අගවිනිසුරු, නීතිපති සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ද, වෙනත් අධිකරණ විනිසුරුවරුන් ද ඇතුළු පිරිසක් සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය තහවුරු කර තිබිණි.









