රනිල් අඩි 17ක් උඩින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධුරයේ බලතල යොදා ගනිමින් ඉදිරි මැතිවරණය සඳහා මෙම වසරේ මුල් මාස තුන තුළ අවම වශයෙන් විවිධ ප්‍රචාරක ව්‍යාපෘති 15ක යෙදී ඇති අතර පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශ දෙකක් කර තිබේ.

එම ප්‍රචාරක ක්‍රියාකාරකම් මතු දැක්වෙන ආකාරයෙන් සිදු කර තිබේ.

ජනවාරි මාසයේ මුල් සතියේදී උතුරේ විශේෂ සංචාරයක යෙදීම

ජනවාරි 24 රස කැවිලි කර්මාන්තකරුවන් රැස් කිරීම.

ජනවාරි 25 බියගම උදානය ඇරඹිම.

ජනවාරි 27 ගාල්ල සංවර්ධන විශේෂ කොමිසමක් පිහිටුවීම.

පෙබරවාරි 05 යාපනයේදී උරුමය ඔප්පු බෙදාදීම.

පෙබරවාරි 07 පාර්ලිමේන්තුවේ රාජාසන කතාව කිරීම.

පෙබරවාරි 17 පිබිදෙන සංචාරක කර්මාන්තය ප්‍රචාරක ව්‍යාපාරය ඇරඹීම.

පෙබරවාරි 28 “ප්‍රතිභාවිශේකා කාන්තා ව්‍යවසායක සම්මාන 2023“ යන ප්‍රචාරක ව්‍යාපෘතිය

පෙබරවාරි 29 අස්වැසුම හඳුන්වාදීම.

මාර්තු 02 ස්මාර්ට් ඇග්‍රිකල්චර් ප්‍රචාරක ව්‍යාපෘතිය

මාර්තු 06 පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය

මාර්තු 08 “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය“ ප්‍රචාරක ව්‍යාපාරය

මාර්තු 10 සැබෑව යනුවෙන් නම් කළ කුලියාපිටිය රැලිය

මාර්තු 13 “එකම විකල්පය රනිල්“ – ප්‍රචාරක ව්‍යාපෘතිය

මාර්තු 15 කඳුකර දශකය නම් ප්‍රචාරක වැඩසටහන.

මාර්තු 17 පාසල් දරුවන්ට ජනාධිපති ශිෂ්‍යත්ව වැඩ සටහන.

මාර්තු 24 යුනයිටඩ් යූත් තරුණ එකමුතුව

ආදී වශයෙන් මහජන මුදල් සහ ජනාධිපති බලතල යොදා ගනිමින් ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් විවිධ ප්‍රචාරක කටයුතු දියත් කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්