අක්ෂි ශල්‍යකර්මයක් සඳහා මහනුවර මහරෝහලේදී භාවිත කළ පෙඩ්‍රිස්ලෝන් නමැති දියර ඖෂධය හේතුවෙන් දෑස් සම්පූර්ණයෙන්ම අන්ධ වී ගිය රෝගියෙකු, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඖෂධ නියාමන අධිකාරිය, ඖෂධ සැපයූ සමාගම ඇතුළු දස දෙනෙක්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇති බව වාර්තා වෙනවා.
මෙහි වගඋත්තරකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිටත් ව්‍යාජ ඖෂධ ගෙන්වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
මෙම එන්තරවාසිය යොමු කර ඇත්තේ කන්දපොල කොන්දකොඩියවත්ත පදිංචි මැකරි රාජරත්නම් යන අය විසිනි.
තමා විශේෂඥ ශල්‍ය වෛද්‍ය රෝහණ එදිරිසිංහගේ උපදෙස් පරිදි 2023.04.05 වැනිදා නුවරඑළිය මහරෝහලට ඇතුළත්වූ බවත් එහිදී මේ කියන දියර ඖෂධය ඇසට දැමූ පසු මාසයක කාලයක් ගතවීමටත් පෙර දෑස් අන්ධභාවයට පත් බවත් ඔහු එම එන්තරවාසියෙන් කියා සිටී.
514










