ජනාධිපතිවරණයට එක්කෝටි හැත්තෑ ලක්ෂයක්

ජනාධිපතිවරණයට එක්කෝටි හැත්තෑ ලක්ෂයක්

මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් ලියාපදිංචි වී සිටින බව මැතිවරණ කොමිසම අනාවරණය කරයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරන්නේ මෙම වසරේ (2004) පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නව ඡන්ද දායකයන් ලක්ෂ 10ක් පමණ ලියාපදිංචි වී අති බවය. වර්ෂ 2019 දී අවසන් වරට පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයන් එක්කෝටි හැට ලක්ෂයක් (160,00000) සුදුසුකම් ලබා සිටි බවද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව මෙවර ඡන්ද දායකයන් 170,00000 (එක්කෝටි හැත්තෑ ලක්ෂයක්) දක්වා වැඩි වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙන්නේ යැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පෙන්වා දෙයි.

වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අලුත් ඡන්ද දායකයන් මෙම නව ඡන්ද දායකයන් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්