ඩේසි ආච්චිගේ මැණික් මල්ල දැන් මෛත්‍රී අතේ

පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන් තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටලබා දී තිබෙන ප්‍රකාශය රාජපක්ෂ පවුල විසින් රඟ දැක්වූ “ඩේසි ආච්චිගේ මැණික් මල්ල“ වැනි රංගනයක් බවට පත්වී ඇතැයි මාධ්‍ය වාර්තාවලින් හෙළි වේ.

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශය පිළිබඳ තොරතුරු ඊයේ (31) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළිකර තිබිණි. කොළඹ පිහිටි ස්ථානයක පැවති විශේෂ සාදයකදී හමු වූ විදේශ රටක නාඳුනන පුද්ගලයෙකු විසින් පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන් පිළිබඳව තමන් වෙත හෙළි කළ බව මෛත්‍රිපාල ප්‍රකාශ කර තිබේ. ඔහුගේ එම ප්‍රකාශය සනාථ කර ගැනීම සඳහා අදාළ සාදය පැවැත්වූ ස්ථානයේ CCTV කැමරා පද්ධතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට ලබා ගෙන ඇති බවත් එම විමර්ශනවලින් අදාළ නාඳුනන පුද්ගලයා සොයා ගැනීමට උත්සාහ කරන බව ලංකාදීප පුවතින් වාර්තා කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්