රනිල්ගේ විශේෂ රහසක් රැගෙන සාගල ඉන්දියාවට ගිහින්

රනිල්ගේ විශේෂ රහසක් රැගෙන සාගල ඉන්දියාවට ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ රහස් පණිවිඩයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සාගල රත්නායක පසුගිය 27 හෝ 28 දින ඉන්දියාවට ගොස් ඇති බව අනාවරණය වේ.

මේ වනවිට හෙළිවන තොරතුරු අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී වතු ජනතාවගේ ඡන්ද සහ උතුර නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද රනිල් වික්‍රමසිංහ වෙත ලබා ගැනීම සඳහා ඉන්දීය නායකයින් පොළඹවා ගැනීම වෙනුවෙන් විශේෂ සාකච්ඡා පවත්වා ඇති බව හෙළි වේ. ඉන්දියාවේ ස්ථාවරය වතු දෙමළ මන්ත්‍රීවරුන් සහ උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් හරහා ජනතාවට ලබා දීමෙන් රනිල් වික්‍රමසිංහ එම ඡන්ද ලබා ගැනීමට අපේක්ෂා කරයි.

එසේ ඡන්ද ලබා ගැනීමට හිලව් ලෙස කිසිදු අවහිරයකින් තොරව ඉන්දියාවේ සිට මෙරටට මාර්ගයක් ඉදි කිරීම,විදුලි කේබල් එලීම සහ ඉන්ධන නල මාර්ගයක් එලීමට අවස්ථාව ලබා දෙන බවට සහතික වී ඇත. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පසුගිය දිනවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවේ අවශ්‍යතාවය මත සැලසුම් කර තිබෙන එම ව්‍යාපෘති තුන ඉක්මනින් ක්‍රියාත්මක නොකරනු ඇති බව ය.

එය පදනම් කර ගනිමින් මීලඟ ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීම දෙමළ ජනතා ඡන්ද ලබා ගත හැකි වුවහොත් අදාළ ව්‍යාපෘති ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහගේ කැපවීම සාගල රත්නායක විසින් සහතික කර ඇති බව මේ වනවිට හෙළි වී තිබේ. සාගල රත්නායක මෙම දේශපාලන සාකච්ඡාව ඉන්දීය විදේශ ලේකම් විතායි ක්වත්‍රා සමඟ දීර්ග වශයෙන් සාකච්ඡා කර ඇති බව මේ වනවිට හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්