නාමල් රාජපක්ෂ සහ ක්‍රිස් සමාගමට එරෙහිව මූල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙමින් තිබියදී මූල්‍ය අපරාධ කොට්ඨාසය බාරව කටයුතු කළ ප්‍රධාන නිලධාරී රවි වෛද්‍යාලංකාර චූදිත සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර සිටීම සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපොහොසත් වී සිටී.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින ක්‍රිස් සමාගම සම්බන්ධ නඩුවේදී රවී වෛද්‍යාලංකාර පිළිබඳව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් නාමල් රාජපක්ෂගේ සම්බන්ධයක් පවතින ක්‍රිස් සමාගමේ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් මෙම අධිකරණය ඉදිරියේ නඩු පවරා ඇත.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියෙකු ලෙස සිටි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර පසු අවස්ථාවකදී ක්‍රිස් සමාගමේ ගනුදෙනුවලදී මූල්‍ය අපරාධ සිදු කර නැති බවට ලිපියක් නිකුත් කරනු ලැබීය. ඉන් පසුව ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රවී වෛද්‍යාලංකාරගේ ප්‍රකාශය මාස තුනකට අධික කාලයක් තුළ ලබා ගොන නොමැති බව හෙළි වී තිබිණි. අදාළ නඩුව ජූලි 07 වෙනි දින නැවත කැඳවීමට නියමිත ය.










