ස්ලෝවැකියාවත් රුසියාවට හැරෙයිද ?

ස්ලෝවැකියාවත් රුසියාවට හැරෙයිද ?

1993 දී චෙකොස්ලෝකියාව ලෙස සිට පසුව වෙන් වී වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත් කළ ස්ලෝවැකියාවේ සෙනසුරාදා පැවත් වූ පළමු වටයේ ජනාධිපතිවරණයෙන් යුරෝපා සංගමයේ මිතුරෙකු හා ලිබරල්වාදියෙකු වන Petr Pellegrini ජයග්‍රහණය කර ඇති අතර එහි ප්‍රතිපක්ෂ රුසියානු මිතුරු කඳවුර හා වාමාංශික කඳවුර නියෝජනය කරන Ivan Korcok ද දෙවන වටයට තේරී පත් වී ඇත. Ivan Korcok මෙම පළමු වටයේ පළමු ස්ථානයට පත්වීමෙන් මැතිවරණයේ අපේක්ෂා නොකළ ප්‍රථිපලයක් ලැබී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. ඒ අනුව විපක්ෂයේ අපේක්ෂකයා 42.5% ඡන්ද ලබා ගත් අතර පාලක සන්ධානයේ අපේක්ෂක Petr Pellegrini ඡන්ද 37%කින් ලබා ගෙන තිබිණි. ජාතික වාදී කඳවුර නියෝජනය කරමින් ඉදිරිපත් වූ Stefan Harabin එහි දී 11.75% ලබා ගෙන තුන්වෙනි ස්ථානයට පත් වී ඇත. මැතිවරණයේ දෙවන වටය මේ වසරේ අප්‍රියෙල් 06 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

ස්ලෝවැකියාවේ දෙවැනි වටයේ ජනපතිවරණ ඡන්ද විමසීම තුළදී අසල්වාසී යුක්රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් වන ස්ථාවරයන් නිසා ගැඹුරු බෙදීම්වලින් දක්නට ලැබිණි. 48 හැවිරිදි Peter Pellegrini සහ 59 හැවිරිදි Ivan Korcok දෙවන වටයට තේරීමේ වැඩි ඉඩක් පැවැති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියහ. peter Pellegrini යනු පාලක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වන “HIAS” විසින් නායකත්වය දෙන ආණ්ඩුවේ අගමැති Robert Ficoගේ රුසියානු හිතවාදී පාලන කඳවුරේ අපේක්‍ෂකයා වන අතර ඔහු බලයට පත් වුයේ 2023 ඔක්තෝම්බර් 26 වැනිදා පැවැත්වූ මහා මැතිවරණයේ දීය. අගමැති Robert Fico බලයට පත් වූ වහාම යුක්රේනයට ආයුධ විකිණීම නතර කළ අතර යුරෝපා සංගමයේ සාමය වෙනුවට එරට ආයුධ ලබා දීම හෙලාදකිනු ලැබුවේය. මේ අතර විපක්ෂයේ සහය ලබන ලිබරල් ivan Korcok යුක්රේනයට, යුරෝපා සංගමයට හා නේටෝවට ඍජුවම පක්ෂව කටයුතු කරන අතර යුක්රේනයට සොල්දාදුවන් යැවීමේ ප්‍රංශ ව්‍යාපෘතියටද සහය ලබා දෙන පවසයි.

“මම සමීප ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණා. ප්‍රථිපල සමාලෝචනය කිරීමෙන් ස්ලොවේකියානු ජනතාවගෙන් බහුතරය ලිබරල් යුරෝපා සංගම් නේටෝ ගැති දේශපාලනය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා” යයි peter Pellegrini මේ අතර වාර්තාකරුවන්ට පැවසුවේ තෙවන ස්ථානය දිනා ගත් stefan Harabinගේ ජාතිකවාදී චන්ද ප්‍රතිශතයද (11%) විශ්ලේෂණය කරමිනි.

යම් ආකාරයකින් ලිබරල් ivan Korcok රටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුවහොත් අගමැති ප්‍රමුඛ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවෙන් දැඩි විරෝධයකට මුහුණ දීමට සිදු වී රට අස්ථාවර වීමේ ඉඩ කඩක් ඇති බවටත් Petr Pellegrini ජනතාවට අනතුරු හඟවා සිටි.

මේ අතර ලිබරල් අපේක්‍ෂක Ivan Korcokගේ තම මැතිවරණ මූලස්ථානයේ රැඳී සිටි ඔහුගේ ආධාරකරුවන් ඊයේ රාත්‍රියේ ලද ජයග්‍රහණයෙන් පසු පැහැදිලිවම ඉතා උද්යෝගිමත් ලෙස දෙවන වටයට සුදානම් වන නමුත් තුන්වන ස්ථානයට පැමිණ ඇති රැඩිකල් ජාතිකවාදී රුසියානු හිතවාදී අපේක්ෂකයාගේ ඡන්ද දෙවන වටයේ දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ Peter Pellegrini විසින් අත්පත් කර ගැනීමට ඇති ඉඩකඩ නිසා දැඩි පසුබෑමකට හා අනපේක්ෂිත බවකට පත් වී සිටි.

කෙසේ වුවත් එරට දේශපාලන විචාරකයින් පවසා සිටින්නේ පැවැත්වූ මැතිවරණය රටේ කැමැත්ත බටහිර කඳවුරටද එසේ නැතහොත් රුසියානු පැත්තේද කියා අසන තරඟයක් විනා ජනතාව මුහුණ දෙන සැබෑ ආර්ථික හා දේශපාලන ප්‍රශ්ණ සාකච්චා නොකළ බවයි.

මැතිවරණයෙන් පත් වන ස්ලෝවැකි ජනාධිපතිවරයා සතුව පවතින විධායක බලතල මගින් ජාත්‍යන්තර ගිවිසුම් අනුමත කිරීමට, ප්‍රධාන විනිසුරුවන් පත් කිරීමට බලතල ඇති අතර ඔහු සන්නද්ධ හමුදාවල ප්‍රධාන අණදෙන නිලධාරියාද වේ. මිලියන 5.4ක ජනගහනයක් සිටින ස්ලොවේකියාව නේටෝ සහ යුරෝපා සංගමයේ සාමාජිකයෙකු වන අතර රටේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීති නිෂේධනය කිරීමේ බලතලද ව්‍යවස්ථාවෙන් හිමි වේ. යම් ආකාරයකින් ලිබරල් අපේක්‍ෂකයා ජයග්‍රහණය කළ හොත් රුසියානු හිතවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව සමග ගැටුම් ඇති වීමෙන් රට දේශපාලන වශයෙන් අස්ථාවර වීමේ ඉඩකඩක් ඇති බවටද දේශපාලන විශේෂඥයන්ද අනතුරු හඟවයි.

අසල්වැසි යුක්රේනයේ යුද්ධය හේතුවෙන් මැතිවරණ ව්‍යාපාරයේදී ස්ලෝවැකියානු ජනතාව බෙදී ගිය අතර ඡන්දයට පෙර අවසන් මැතිවරණ රැස්වීමේදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වාම අපේක්ෂක Peter Pellegrini, විසින් යුක්රේනය සහ රුසියාව අතර “ක්ෂණික සටන් විරාමයක් සහ සාම සාකච්ඡා ආරම්භ කිරීම” සඳහා කැපවෙන ලෙස දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිනු ලැබුවේය. එහි දී ලිබරල් යුරෝපා හා නේටෝ හිතවත් ivan Korcok විසින් එය හෙළා දකිනු ලැබුවේය.

Volkswagen, Kia Motors, Stellantis සහ Jaguar Land Rover සඳහා කර්මාන්ත ශාලා මගින් ස්ලෝවැකියාව ලෝකයේ ඒක පුද්ගල මෝටර් රථ නිෂ්පාදනය සිදුකර ලෝක වෙළඳ පලට එවන ප්‍රථම රට ලෙස ස්ලොවේකියාව සැලකේ. ස්ලෝවැකියාවේ සමස්ත කාර්මික නිමැවුමෙන් අඩක් පමණ මෝටර් රථ නිෂ්පාදන අංශයට අයත් වන අතර, පසුගිය වසරේ මෝටර් රථ මිලියනයක් පමණ ලෝක වෙළඳපළට එවුහ.

2026 දී මෙම ප්‍රතිශතය තවත් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ, ස්වීඩන් සමාගමක් වන Volvo Cars රටේ නැගෙනහිර හි නව විදුලි මෝටර් රථ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කරයි. අපනයනවල අපේක්ෂිත ඉලක්ක හේතුවෙන් මෙම වසරේ ස්ලෝවැක් ආර්ථිකය 2.3%කින් සහ 2025 දී 2.6%කින් වර්ධනය වනු ඇතැයි යුරෝපීය ආර්ථික කොමිසම මේ අතර අපේක්ෂා කරයි.

Facebook
Twitter
LinkedIn