කාලගුණයෙන් දැඩි අනතුරු ඇඟවීමක් – සියලුම ජනතාවගේ අවධානයට

අද (27) පස්වරු 1.30සිට රාත්‍රී 11.30දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණයෙන් යුතු ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන් කරමිණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, මේ හේතුවෙන් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

Facebook
Twitter
LinkedIn