ණය ලබාගෙන පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ අත්පත් කර කරගෙන වෙන්දේසි කිරීමට මූල්‍ය ආයතනවලට බලය ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටු වීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදිය.
මෙම පනත් කෙටුම්පතෙන් එලෙස දේපළ අත්පත් කර ගැනීමේ පරාටේ නීතිය ලබන දෙසැම්බර් මස 15 දින දක්වා අත්හිටුවා ඇත.
රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදකාරී තත්වය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු ව්‍යාපාර පවත්වා ගෙන යාමට අපහසු වීමෙන් ණය ගෙවා දැමීමට නොහැකි වීම මත බොහෝ ව්‍යාපාරික ආයතනවල දේපළ මූල්‍ය ආයතන විසින් අත්පත්කරගැනීම් රැසක් පිළිබඳ ව්‍යාපාරිකයන් විසින් අනාවරණය කර තිබූ අතර ඊට රට තුළ දැඩි විරෝධයක්ද මතුවෙමිනි තිබිණි.
180










