හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ දේශපාලන බලයෙන් සිදුවන මිනිස් ක්‍රියාකාරකම් ගැන යළි ප්‍රශ්නකරති

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ දේශපාලන බලයෙන් සිදුවන මිනිස් ක්‍රියාකාරකම් ගැන යළි ප්‍රශ්නකරති

පසුගිය 2021 අප්‍රේල් 09 වෙනිදා ගැසට් කරනු ලැබූ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය දේශපාලන බලයෙන් සිදුවන මහ පරිමාන ගල් කොරි පවත්වාගෙන යෑමත් මහා පරිමාණ වගාවන් සඳහා ඉඩම් එළි පෙහෙලි කිරීමත් පිළිබඳ සොයා බැලීමට සමාජවාදී තරුණ සංගමය සහ පරිසර සංවිධාන එකමුතුව මීට මාසයකට පමණ පෙර කටයුතු කරනු ලැබූ අතර එහිදී නිරීක්ෂණය කරන ලද, ගල් කොරි පවත්වාගෙන යෑමට, අලි මංකඩවල් වසා දමමින් මහා පරිමාණ වගාවන් සිදු කිරීම, වගාවන් සඳහා ඉඩම් එළි කිරීමට ඉඩ ලබා දීම පිළිබඳ පසුගිය 20 වනදා සමාජවාදී තරුණ සංගමය සහ පරිසර සංවිධාන එකමුතුව එම වගකිවයුතු ආයතනවලින් විමසීම් කරන ලදී.

එහිදී එම නියෝජිතයින්ගේ ප්‍රශ්න කිරීම්වලට ලබා දුන් පිළිතුරුවලින් පෙනී යන්නේ, ඇතැම් වගාවන් ඉවත් කිරීමට කටයුතු කර ඇතත් දේශපාලන බලයෙන් ක්‍රියාත්මක වන ගල්කොරි හෝ මහා පරිමාණ වගාවත් තව දුරටත් ක්‍රියාත්මක වන බවය. දූෂිත දේශපාලඥයන්ට සෘජු ලෙස සම්බන්ධ ගල්කොරි හෝ මහා පරිමාණ වගාවත් ඉවත් කර සිදු වන විනාශය වැලැක්වීමට එම රාජ්‍ය ආයතන ගන්නා කිසිදු පියවරක් නැති බවද එහිදී අවධාරණය වූ බව එම නියෝජිතයෝ පවසති.

මේ සතිය තුළ පමණක් අලි පහර දීම් දෙකක් සූරියවැව සහ වල්සපුගල ප්‍රදේශවලින් වාර්තා වී තිබෙන අතර ඉන් එක් පුද්ගලයෙක් මියගොස් ඇත. මෙම අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස යෝජනා වූ, ගැසට් පත්‍රයකට පමණක් සීමා වී ඇති මෙම අලි කළමනාකරණ රක්ෂිතයට අවශ්‍ය නීති රෙගුලාසි පනවා අලි ඇතුන්ට නිදහසේ ගමන් කිරීමටත් ජීවත් වීමටත් අවශ්‍ය පරිසරය ආරක්ෂා කර, අලි මිනිස් ගැටුම නවතා, ගොවියන්ගේ ගොවි බිම්ද, මිනිස් ජීවිතද, අලි සම්පතද රැක ගැනීම සඳහා නැවතත් ජනතාවට අරගලයක් කිරීමට සිදු වනු ඇතැයි සමාජවාදී තරුණ සංගමයේ සහ පරිසර සංවිධාන එකමුතුවේ නියෝජිතයෝ පවසති.

ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සමාජවාදී තරුණ සංගමයත් පරිසර සංවිධාන එකතුවත් කටයුතු කරන බවත් පාලකයන්ට බල කර සිටින්නේ මෙය විසඳීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් යයි එම නියෝජිතයෝ වැඩිදුරටත් පවසති.

Facebook
Twitter
LinkedIn