වනජිවී නිලධාරීනුත් වැඩ වර්ජනයකට සැරසෙති

වනජිවී නිලධාරීනුත් වැඩ වර්ජනයකට සැරසෙති

දිවයින පුරා වනජිවී නිලධාරීන් ලබන සඳුදා දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක පවසන්නේ වනජීවි නිලධාරීන්ගේ සේවය ඇගයීමට ලක් නොකිරීම ඇතුළු රාජකාරියේදී පවතින ගැට‍ළු කිහිපයකට විරෝධය පල කරමින් මෙම පියවර ගන්නා බවය.

මේ වනවිට රාජකාරියේ නිරතව සිටියදී වනජිවී නිලධාරීන් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් 23 දෙනෙකු වන අලි ප්‍රහාරවලින් මියගොස් ඇති බවද ඔහු කියා සිටී.

Facebook
Twitter
LinkedIn