ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම විසින් එම සභාවේ අද (15) සේවයට වාර්තා කළ සේවකයින් 12 දෙනෙකු පමණ, නිවාඩු අනුමත නොකර නීතී විරෝධී ලෙස අද කොළඹ පැවැත්වෙන පොහොට්ටු පක්ෂයේ සමුළුව සඳහා රැගෙනවිත් ඇතැයි වාර්තා වේ.
මෙම සමුළුවට යාම සඳහා සේවකයින් 30කට පමණ දැනුම් දී ඇතත් බොහෝ සේවකයින් එය ප්‍රතික්ෂේප කර ඇත.
සභාවේ වැඩ පාලකටද සේවකයින් සමග පැමිණෙන්නැයි දන්වා ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ. පසුව සභාපති විසින් ඔහුට වැඩ පාලක තනතුර සම්බන්ධයෙන් යම් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත. එමෙන්ම මෙම සේවකයින්ගේ නිවාඩු අනුමත කරන ලෙස සභා ලේකම්ටද සභාපති විසින් දැනුම් දී ඇතත් ලේකම් එය ප්‍රතික්ෂේප කර තිබේ.
කුරුණෑගල නගර සභාවේ නගරාධිපති නීති විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊයේ (14) දින ඉතා තදබල නඩු තීන්දුවක් ලබා දී තිබියදීත් ඒ ආකාරයෙන්ම නීති විරෝධී ලෙස ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිද කටයුතු ඇත. මොවුන් තවමත් දේශපාලන බලය අමනෝඥ ලෙස ඉහළින් තබා ගනිමින් රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකර කටයුතු කරමින් සිටී.










