බස් ගාස්තු වැඩි කරන්න වෙනවා – ගැමුණු විජේරත්න

බස් ගාස්තු වැඩි කරන්න වෙනවා – ගැමුණු විජේරත්න

ජනවාරි පළවෙනිදා සිට වැට් බද්ද වැඩි කිරීමත් සමග බස් ගාස්තුවද වැඩි කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඔහු මේ බව පවසන්නේ වැට් බද්ද වැඩි කිරීමත් සමග පොදු මගි ප්‍රවාහන ක්ෂේත්‍රය මුහුණ දෙන තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

එහිදි වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“මාසෙකට රුපියල් බිලියන 16ක් ඉන්ධන අපතේ යාමක් සිද්ධ වෙනවා. ඉතිං මේ දේවල් තවත් වැඩි වෙනවා ඉදිරියට පොදු ප්‍රවාහන සේවාව කඩා වැටුණාම. මේ තත්වය තුළ තවත් මාර්ග තදබදය වැඩි වෙනවා.

බොහෝ දුරට ඉන්ධන වැඩි වුනොත්…. අනිවාර්යයෙන්ම වැඩි වීමේ ප්‍රවණතාවක් තියෙනවා. බස් ගාස්තු මිල සූත්‍රය ක්‍රියාත්මක වෙන්නේ ඉන්ධනවලින් පමණක් නෙවෙයි. ඒකට බස් රථයේ මිල, එතකොට ඒකට බලපානවා පොලී අනුපාතය, එතකොට මේ ලීසිංවල පොලිය, එතකොට ලිහිසි තෙල්, අමතර කොටස් ඒ හැමදෙයක්ම බලපානවා මේ බස් ගාස්තුවට.

මේ වැට්එකේ ප්‍රශ්නය ජනවාරි මාසයේ සිට සෘජුවම ජනතාවට බලපානවා. එවැනි තත්වයක් ආවොත් ජනවාරි මාසයේ අපිට කඩිනමින්ම බස් ගාස්තු සංශෝධනයක් කරා යන්න සිදුවෙයි.”

Facebook
Twitter
LinkedIn