ගත වූ දින දෙකක තුළ පාසල් සිසුන් ඇතුළු 12ක් අතුරුදහන්

ගත වූ දින දෙකක තුළ පාසල් සිසුන් ඇතුළු 12ක් අතුරුදහන්

ගත වූ දෙදින තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පාසල් වයසේ පසුවන සිසුන් ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක්, නාදකුඩුඉරුප්පු ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක්, හැටන් පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක් සහ යටියන සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි 15 හැවිරිදි දැරියක්ද අතුරුදන් වී තිබේ.

ඊට අමතරව නුවරඑළිය ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක්, පොතුවිල්හි පදිංචි 26 හැවිරිදි කාන්තාවක් සහ එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු අතුරුදහන්ව සිටිති.

එමෙන්ම නොර්වුඩ්හි පදිංචි 82 හැවිරිදි කාන්තාවක්, මොරටුව පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පල්ලම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කම්කරුවෙක්, කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද මෙලෙස අතුරුදහන්ව සිටිති.

මේ වනවිට අතුරුදහන්ව සිටින යටියන සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි 15 හැවිරිදි දැරිය මීට දින කිහිපයකට පෙර මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ඇති අතර පෙරේදා (10) දින රාත්‍රියේ ඇය ඉන් පැන ගොස් ඇති බවට එහි ප්‍රධාන පාලිකාව කටුනායක පොලීසියට පැමිණිලි කර ඇත.

Facebook
Twitter
LinkedIn