ලොකු ලූනු කිලෝවක මිල මේ වනවිට රුපියල් 100කට අධික මුදලකින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වනවිට ලොකු ලූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 450ක් බවට පත්ව ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.
පිටකොටුව තොග වෙළඳපොළේ මීට දින කිහිපයකට පෙර රුපියල් 260ත් 280ත් අතර පැවති ලොකු ලූණු කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 380ක් බවට පත්ව ඇති බවත් වාර්තා වේ.
ලංකා සතොසද පසුගිය 10 වනදා ලොකු ලුණු කිලෝවක් රුපියල් 365කට අලෙවි කළ බවත් රාජ්‍ය ආයතනයක් එවැනි ආකාරයට මිල වැඩි කරන්නේ කෙසේදැයි පාරිභෝගිකයෝ වැඩිදුරටත් ප්‍රශ්න කරති.
345










