සහල් මිලත් ඉහළට

සහල් මිලත් ඉහළට

මේ වනවිට වෙළඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව සඳහන් කරති.

මේ වනවිට රුපියල් 230ක්ව පැවති සම්බා සහල් කිලෝ එකක මිල රුපියල් 260ක් දක්වා ඉහළ දැමීමට මෙරට ප්‍රධාන සහල් සමාගමක් කටයුතු කර ඇති බවත් තවත් සමාගමක් සම්බා සහල් කිලෝවක මිල රුපියල් 245 දක්වාත් ඉහළ දමා ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.

මේ අනුව උත්සව සමය අවසන් වනවිට සම්බා සහල් කිලෝවක මිල රුපියල් 300කට ආසන්න වනු ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති.

Facebook
Twitter
LinkedIn