නාමල්ලාගේ ක්‍රිෂ් ගනුදෙනුවට පොලිස් ලොක්කෙකුත් හවුල් – දූෂණ විරෝධී හඬ හෙළි කරයි

නාමල්ලාගේ ක්‍රිෂ් ගනුදෙනුවට පොලිස් ලොක්කෙකුත් හවුල් – දූෂණ විරෝධී හඬ හෙළි කරයි

ඉන්දීය ක්‍රිෂ් සමාගමට කොළඹ නගරය තුළ ඉඩම් විකිණීම සඳහා රුපියල් මිලියන 70වක අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ලක් විභාගවන අතරතුර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු ප්‍රධානී රවී විද්‍යාලංකාර කර තිබූ බරපතල වංචාවක් පිළිබඳ තොරතුරු දූෂණ විරෝධී හඬ සංවිධානයෙන් හෙළිකරණ ලදී.

එම සංවිධානය අද (19) පවත්වනලද මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ අදාළ තොරතුරු හෙළි කරනු ලැබීය.

දූෂණ විරෝධී හඩ සංවිදානය මූල්‍ය අපරාධ කොට්ඨාසයට කර තිබූ පැමිණිල්ලක් අනුව එය විභාග කරමින් අධිකරණයට බී වාර්තා ඉදිරිපත් කර නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබිණි. විත්තියේ නීතීඥයන් විසින් නාමල් රාජපක්ෂට ඇප ලබාදෙන ලෙස ඉල්ලා තිබුණද මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අංක 07 විමර්ශන ඒකකයෙන් ඇප ලබාදීමට විරෝධය පලකරනු ලැබීය. මේ පිළිබඳව 2016 ජූලි 07 වන දින අංක B196/2016 යටතේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අංක 07 විමර්ශන ඒකකයෙන් කරුණු ඉදිරිපත් කර තිබිණි.

මේ අතර ක්‍රිෂ් සමාගම විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී රවී විද්‍යාලංකාරගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් එම සමාගම අදාල අධිකරණ ක්‍රියාමාර්ගයට සම්බන්ධ නැති බවට ප්‍රකාශකයක් ලබා දෙන්නැයි ඉල්ලා ඇත. එදිනම රවී විද්‍යාලංකාරද ක්‍රිෂ් සමාගමට අවශ්‍ය ලිපිය ලබා දී තිබේ. ඉන් පසුව ආණ්ඩුව පෙරලියෙන් පසුව 2022 දෙසැම්බර් මාසයේදී ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට රවී විද්‍යාලංකාරව පත් කර ඇත.

මේ අතර රෙමට ක්‍රිෂ් සමාගමට අදාල නඩුව තාක්ෂණික හේතුමත අල්ලස් හෝ විමර්ශන සභාවෙන් ඉල්ලා අස්කරගනු ලැබීය. ඉන්දීය ක්‍රිස් සමාගමේ හිමිකරු වන අමිත් කත්‍යාල් දූෂණ චෝදනා මත ඉන්දීය අධිකරණයක් විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් එහෙත් ලංකාවේ ක්‍රීෂ් ගණුදෙනුවේ මූල්‍ය වංචා පිළිබඳව නැවත කිසිදු අධිකරණමය ක්‍රියාමාර්ගයක් නීතිපති දෙපාර්තමේන්තුව මේ දක්වා ගෙන නැති බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ හෙළි කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිට ලිඛිතව දැනුම්දෙන බව එම මාධ්‍ය හමුවේදී ඔහු පැවසීය.

Facebook
Twitter
LinkedIn