මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇමති ධුර කිහිපයක් වෙනස් කර තිබේ.
ඒ අනුව කෘෂිකර්ම කැබිනට් ඇමතිව සිටි මහින්ද අමරවීර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත කැබිනට් ඇමති ලෙස පත් කර ඇත.
මෙතෙක් කැබිනට් සෞඛ්‍ය ඇමති ධුරයේ සිටි කෙහෙළිය රඹුක්වැල්ල පරිසර කැබිනට් ඇමති ලෙස පත් කර ඇති අතර එම ඇමති ධුරයේ මීට කටයුතු කරනු ලැබුවේ මන්ත්‍රීධුරය අහිමි වූ නසීර් අහමඩ්ය.
මීට පෙර වැවිලි කර්මාන්ත කැබිනට් ඇමති ලෙස කටයුතු කළ රමේෂ් පතිරණ කර්මාන්ත කැබිනට් ඇමති ලෙස පත් කර තිබේ.
මීට පෙර මුදල් රාජ්‍ය ඇමති ලෙස කටයුතු කළ රංජිත් සියඹලාපිටිය වැවිලි කර්මාන්ත කැබිනට් නොවන ඇමති ලෙස පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අන්ත දූෂිත චෝදනා එල්ල වී තිබෙන ඇමතිවරු තවදුරටත් රැක ගැනීමේ ක්‍රියාමාර්ගයක නිරතව සිටින බව මෙම ඇමති ධුර හුවමාරුවෙන්ද තහවුරු වන බව දේශපාලන විචාරකයෝ පවසති.
259










