මත්ස්‍ය සම්පත කොල්ල කන ඉන්දීය ධීවරයන්ට බලපත්‍ර දෙන බව අගමැති දිනේෂ් කියයි

මෙරට මුහුදු තීරයට නීති විරෝධීව ඇතුළු වී ධීවර සම්පත කොල්ල කන ඉන්දීය ධීවරයන්ට බලපත්‍ර ලබා දීමේ සූදානමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ හවුල් ආණ්ඩුවට පවතින බව හෙළි කෙරේ.

අගමැති දිනේෂ් ගුණවර්ධන සමග තමිල්නාඩුවේ “තන්දි” රූපවාහිනී චැනලය කළ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව හෙළි කර තිබිණි.

පසුගිය 06 වෙනි දින එම සාකච්ඡාව විකාශනය කර ඇත. එහිදී රූපවාහිනී නිවේදකයා ඇසූ ප්‍රශ්නය සහ එයට අගමැති දිනේෂ් ගුණවර්ධන ලබා දුන් පිළිතුර පහත දැක්වේ.

ඉන්දීය ධීවරයන්ට බලපත්‍ර ලබාදීමට ඉන්දියාව කළ යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අවස්ථාවේ “ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා පවත්වමින් සිටිනවා. ජනාධිපතිතුමා ඉන්දියාවට ආපු වෙලාවේ මේ ගැන කතා කළා.” යනුවෙන් පිළිතුර දී ඇත. වැඩි දුරටත් මාධ්‍යවේදියා විමසු විට අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙන්නේ “ඔව් ඒකට ලෑස්තියි. දෙපාර්ශ්වයේම ධීවරයන්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි. මේක ආණ්ඩුවලට අදාළ දෙයක් නෙවෙයි. ධීවරයන් සම්බන්ධ කාරණයක්. මේ කාරණයේදී අවබෝධය අත්‍යවශ්‍යයි.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn