අක්ෂි රෝගයක් පැතිර යාම හේතුවෙන් යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ පන්ති කාමරයක් වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඒ එම පන්තියේ සිසුන් පිරිසකට අක්ෂි රෝගය වැළඳීම සැලකිල්ලට ගනිමින් යැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක පවසයි.
එම පන්ති කාමරයේ සිසුන් 13 දෙනෙකුට අක්ෂි රෝගය වැළඳී ඇති බවට හඳුනා ගෙන තිබේ.
දරුවන් අතර පැතිර යන අක්ෂි රෝගයක් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් පසුගියදා වාර්තා වූ අතර පසුව කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකින්ද මේ දිනවල වාර්තා වෙමින් තිබේ. නමුත් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නැති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කෙසේ වෙතත් රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වැළකි සිටීමට මව්පියන් පියවර ගත යුතු බවද සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.
46








