ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී කෙටුම්පතට හා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට වහා හකුළාගන්නා ලෙස දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය විරෝධය ආණ්ඩුවට එල්ල කර සිටී.
එම සංගමය ඊයේ (23) පැවති සාකච්ඡාවකදී ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති අතර මෙම පනත් කෙටුම්පත් දෙක මානව නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට දැඩි සේ බලපාන බවට ඔවුන් එහිදී තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු ක්ෂේත්‍රයට අදාළ පාර්ශවයන්ගේ කිසිඳු අදහස් විමසීමකින් තොරව මෙම පනත් කෙට්මුපත් කර ඇති බවද ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
මෙලෙස සමාජයට බලෑම් එල්ල කළ හැකි පනත් හඳුන්වා දීමට පෙර අදාළ පාර්ශව සමග හරවත් සංවාදයක් ඇති කර ගැනීම වැදගත් බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
131









