චොක්ලට් එකකින් මිනිස් ඇඟිල්ලක් මතුවීම ගැන විමර්ශනයක්

චොක්ලට් එකකින් මිනිස් ඇඟිල්ලක් මතුවීම ගැන විමර්ශනයක්

මහියංගනය රෝහලේ කාර්යමණ්ඩලය සේවය කරන නිලධාරීනියක ඊයේ (05) ආපන ශාලාවෙන් මිලදී ගත් චොක්ලට් එකක තිබී හමු වී ඇති මිනිස් ඇඟිල්ලක කොටස පිළිබඳව මේව විට මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සහන් සමරවීරගේ උපදෙස් මත විමර්ශණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම සිදුවී සම්බන්ධයෙන් ඇය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඔවුන් ලබන සදුදා මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත යැයිද පැවසේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී චාමින්ද රත්නායක ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමත් විසින් මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බව හියංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සහන සමරවීර පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්