ජීවන වියදම අඩුවීම ගැන ආණ්ඩුවේ ප්‍රචාර අසත්‍යයක් බව මහාචාර්ය අතුකෝරළ හෙළිකරන කරුණු අනුව තහවුරු වේ

ජීවන වියදම අඩුවීම ගැන ආණ්ඩුවේ ප්‍රචාර අසත්‍යයක් බව මහාචාර්ය අතුකෝරළ හෙළිකරන කරුණු අනුව තහවුරු වේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ ලංකාදීප වෙබ්අඩවියට හෙළි කර තිබෙන කරුණු අනුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු බාණ්ඩ හා සේවාවල මිල ගණන් අඩු වී ඇති බව ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ ඇතැම් නිලධාරීන් ගෙන යන ප්‍රචාරය අසත්‍යයක් බව තහවුරු වේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ නවතම වාර්තාව අනුව කොළඹ නාගරික සීමාවේ ආහාර ද්‍රව්‍යවල මිල 136%කින් වැඩිවී ඇති බව මහාචාර්යවරයා පෙන්වාදෙයි. එමෙන්ම ජනතාවගේ ආදායම්වල මූර්ත වටිනාකම පහළ යෑම සහ රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන්ගේ වැටුප් 2019න් පසු වැඩි නොවීම යනාදී කරුණු හේතුවෙන් ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය (ක්‍රය ශක්තිය) විශාල වශයෙන් පහත බැස ඇති බවත් ඔහු එම වාර්තා දත්ත අනුව සඳහන් කර ඇත.

සමස්තයක් ලෙස මුළු රටම සළකා බැලීමේදි ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට 128%කින් ඉහළ ගොස් ඇතැයිද එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩවල මිල මට්ටම 87%කින් ඉහළ ගොස් ඇතැයි පැවසා ඇති මහාචාර්යවරයා පරිභෝජන භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ සාමාන්‍ය වැඩිවීම 103%ක් බවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්