චාමර බදුල්ලෙන් 07ක් පත්කළේ යකඩ උස්සන්නද?

චාමර බදුල්ලෙන් 07ක් පත්කළේ යකඩ උස්සන්නද?

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ආරක්ෂාවට යොදව සිටි යුද හමුදාව එයින් ඉවත් කර බදුල්ලේ සිට ගෙනයනලද පුදිගලයින් 07 දෙනෙකු විශයභාර රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක විසින් ඒ සඳහා පත් කිරීම යකඩ හොරකම් කිරීම සඳහාම සිදුකරන ලද්දක් දැයි බරපතල සැකයක් මතුවන බව හෙළි කර තිබේ.

සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතීඥ ගාමිණී ඒකනායක මෙම සැකය මතු කර තිබෙන්නේ ලංකාදීප ඉරිදා පුවත්පතට (06) විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින්ය. එම ප්‍රකාශයේ සඳහන් කර තිබෙන්නේ “නමුත් ඒ වෙනුවට චාමර සම්පත් ඇමතිවරයා කර තිබෙන්නේ සිමෙන්ති සංස්ථාවේ වියදමෙන් බදුල්ලෙන් 07 දෙනෙක් ගෙනත් කන්කසන්තුරේ සිමෙන්ති කම්හල බලාගන්න දාල තියෙන එක. දැන් සිමෙන්ති සංස්ථාවේ කවුරුත් එතන නෑ. ඉන්නේ බදුල්ලෙන් ආපු 07 දෙනෙක් විතරයි. මේ අයත් ආවේ යකඩ හොරකම් කරන්නදැයි කියා දැන් බරපතල සැයක් මතුවෙන බව ගාමිණී ඒකනායක මහතා පෙන්වා දෙයි.” යනුවෙනි.

“කන්කසන්තුරේ යකඩ ජාවාරමට පාර කැපුවේ කවුද?” යන සිරස්තලයෙන් ප්‍රගීත් සම්පත් කරුණාතිලක මාධ්‍යවේදියා සම්පාදනය කර තිබූ ලිපියේ තවදුරටත් සදහන් කර තිබෙන්නේ “එහෙත් සිමෙන්ති සංස්ථාවේ නව සභාපති සහ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා මේ කිසිදෙයක් සොයාබලන්නේ නැතිව හමුදාව ඉවත් කර තිබෙනවා.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්