සංචාරක කර්මාන්තය හිස් බුබුලක් වෙයි !

සංචාරක කර්මාන්තය හිස් බුබුලක් වෙයි !

මෙරට සංචාරක කර්මාන්තය යළි පන ගැන්වෙමින් මෙම වසරේ විශාල විදේශ සංචාරක පිරිසක පැමිණෙන බව මතුපිටින් පෙනෙන්ට තිබුණද අදායම ඉපයීමේදී එය ක්‍රමිකව අපගමණයකට ලක් වී ඇති බව අනාවරණය වේ.

මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා මාස 05 තුළ විදේශ සංචාරකයින් 524,486ක් පැමිණ තිබූ අතර ඔවුන්ගෙන් ඩොලර් මිලියන 828ක් උපයා තිබිණි. නමුත් පසුගිය වසරේ මුල් මාස 05 තුළ සංචාරකයින් 378,521ක් පැමිණ තිබූ අතර ඔවුන්ගෙන් ඩොලර් මිලියන 635ක් ඉපයීමට සමත් විය.

මේ අනුව පසුගිය වසරේදී එක් විදේශ සංචාරකයෙකුගෙන් ඩොලර් 1,677ක සාමාන්‍ය ආදායමක් උපයාගෙන තිබූ අතර මෙම වසරේදී එය ඩොලර් 1579 දක්වා අඩු වී තිබිණි. මුදල් අමාත්‍යාංශය නිකුත් කරන වසර මැද වාර්තාවේ මෙම දත්ත ඇතුළත්ය.

Facebook
Twitter
LinkedIn