පකිස්ථානයේ දේශපාලන රැලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 44කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී 400කට අධික පිරිසක තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීම සිදුව ඇත්තේ පකිස්තානයේ කිබර් පක්ටුන්ක්වා පළාතේ බජෝර් දිස්ත්‍රික්කයේ ජමියාත් උලෙමා ඉස්ලාම් ෆාසල් දේශපාලන පක්ෂයේ සමුළුවක් අතරතුරදීය.
එම පක්ෂයේ සාමාජිකයන් 400 දෙනකු පමණ පිපිරීම සිදු වූ අවස්ථාවේ සමුළුවට සහභාගී වෙමින් සිට ඇති බව පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කර ඇත.
පිපිරීම හේතුවෙන් බරපතල තුවාල ලැබූවන් ගුවන් මගීන් කිබර් පක්ටුන්ක්වා පළාතේ අග නගරය වූ පේෂාවර් හි රෝහල් වෙත රැගෙන ගිය බව පාකිස්තාන බලධාරීන් පවසා තිබේ.
පිපිරිම හේතුවෙන් ජමියාත් උලෙමා ඉස්ලාම් ෆාසල් පක්ෂයේ ප්‍රාදේශීය නායකයකු වූ මවුලානා සියවුල්ලා ද මිය ගිය බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
මියගිය සංඛ්‍යාව සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පාකිස්තාන බලධාරීන් පවසා තිබේ.
බජෝර් දිස්ත්‍රික්කයේ ඇෆ්ගනිස්තානයේ දේශ සීමාවට කිලෝ මීටර් 35ක පමණ දුරින් මෙම සමුළුව පවත්වා ඇති අතර මෙතෙක් ප්‍රහාරයේ වගකීම කිසිඳු කණ්ඩායමක් භාරගෙන නැත.
පකිස්ථාන පොලිසිය විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට සැක කිරීමට අවශ්‍ය සාක්ෂි මේ වනවිට ලැබී ඇති බව ය. එමෙන්ම මේ වනවිට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය සඳහන් කරයි.










