ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ඉහළයාමක්

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ඉහළයාමක්

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් මේ වනවිට එම රෝගීන්ගේ සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය පවසන්නේ මේ දක්වා වාර්තා වී ඇතී රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති බවය. එහෙන්ම මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින්ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ඩෙංගුමර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න ප්‍රකාශ කරන්නේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින්ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් හදුනාගෙන ඇති බවය.

ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තවදුරටත් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn