ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු කර තිබෙන බරපතල අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් විගණකාධිපති සකස් කළ වාර්තාවේ ඇමුණුම්වල සඳහන් පරිදි තම දියණියන් දෙදෙනා සහ උපදේශක ක්‍රිකට් ආයතනයේ ලේඛනයක් මගින් වීසා ඉල්ලා ඇති බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පිළිගෙන තිබේ.
Neth FM මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී ක්‍රීඩා ඇමති ඒ බව පිළිගෙන ඇත. තම පුත්‍රයා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නා බවත් ඔහුගේ සුවදුක් බැලීමට යාම සඳහා වීසා අයදුම් කරන ලෙස තම උපදේශක සුදත් චන්ද්‍රසේකරට උපදෙස් දුන් අතර ඔහු ක්‍රිකට් ආයතනයේ ලයිස්තුවක් මගින් දියණියන් දෙදෙනාට වීසා ලබාගෙන ඇති බව පිළිගෙන තිබේ. එහෙත් තම දරුව්න දෙදෙනා ඕස්ට්‍රේලියාවට නොගිය බවත් ක්‍රිකට් ආයතනය වීසා ඉල්ලුම් කරන සමාගම හරහා වීසා ලබාගත් පිරිස අතර තම උපදේශක සුදත් චන්ද්‍රසේකරද සිටින බව එහි දී ඇමති රොෂාන් රණසිංහ පිළිගෙන ඇත.

Views: 0










