ඇමති සුසිල් කියන විදිහට රට බය කළේ මහ බැංකු අධිපතිද? Video

ඇමති සුසිල් කියන විදිහට රට බය කළේ මහ බැංකු අධිපතිද? Video

රජය සහ මහ බැංකුව එක් වී සාකච්ඡා කිරීමෙන් පසුව ජුනි 30 වෙනි දින බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය 26වනදා රාත්‍රියේ ප්‍රකාශ කර තිබියදී අද (01) පාර්ලිමේන්තුවේදී සභා නායක සුසිල් ප්‍රේමජයන්ත එම බැංකු නිවාඩු දිනය පදනම් කරගෙන බිල්ලන් මැවී යැයි කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවදානයක් යොමු වී තිබේ.

ඇමති සුස්ලි ප්‍රේමජයන්ත ආණ්ඩුව වෙනුවෙන් කරුණු දක්වමින් තමන්ද බැංකු කරුවකු ලෙස සිටි බවත් සෑම වසරකම ජුනි 30 වෙනි දින බැංකු නිවාඩු ලබා දෙන බවත් නමුත් මේ කිසිවක් නොතකා බීබීසී ඇතුළු විදේශ මාධ්‍යයන් පවා දින 05ක් බැංකු වසා දැමීම පිළිබඳ බොරු භීතියක් මැව්වේ යැයි අවධාරණය කරනු ලැබීය. නමුත් මහ බැංකු අධිපති පසුගිය 26 වෙනි දින බැහැදිලිව ප්‍රකාශ කරනු ලැබූවේ දේශීය ණය කපා හැරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා ජුනි 30 විශේෂ බැංකු නිවාඩුවක් ලබාදුන් බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්