ශ්‍රී ලාංකික ඉංජිනේරුවා මුදා හරින්න කෝටි 50ක් ඉල්ලයි

ඉතාලියානු පුද්ගලික ඉදිකිරීම් සමාගකට අයත් නයිජිරියාවේ ඉදිකිරීම් සමාගමක සේවය කරමින් සිටියදී පසුගියදා නයිජිරියානු කොල්ලකරුවන්ගේ පැහැරගැනීමට ලක්වූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු වන ඩී.ඒ. කරුණාදාස (68) මහතා නිදහස් කිරීමට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි පනහක කප්පම් මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

අදාළ ඉතාලි සමාගමෙන් මෙම කප්පම් මුදල ඉල්ලා ඇති අතර කරුණාදාස මහතා වසර 40ක් පමණ කාලයක් නයිජීරියාවේ සේවය කර ඇති බව පැවසේ. කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වන අවස්ථාවේදී ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ විදේශිකයාට කප්පම්කරුවන් පහර දී ඇති අතර තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.

කරුණාදාස මහතා මුදා ගැනීම සම්බන්ධයෙන් අදාළ ඉතාලි සමාගමෙන් හෝ තානාපති කාර්යාලයෙන් මේ වනතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn