උතුර ගිනියම්කළේ මහින්දගේ ගෝලයෙක්

පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කිරීමක් මුල්කරගෙන යාපනයේ ජනතාව නොසන්සුන් වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවෙකු උතුරේ සේවයේ නිරත ඉහළ ‍පොලිස් නිලධාරියෙකුගේ නියෝගයකින් මුදාහැරීම නිසා ‍පොලීසිය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් බව ආරක්ෂක බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින තාක් ඔහුගේ ගම් ප්‍රදේශයේ සිදුකරන්නා වූ නීති විරෝධී ක්‍රියා සඳහා රැකවරණය ලබා ගැනීමට දකුණ බාරව තබා ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ බව මාධ්‍ය වාර්තා පලවන අතර රාජපක්ෂවරුන් බලයෙන් පහකිරීමත් සමග ලලිත් ජයසිංහ දකුණින් උතුරට මාරු කරන ලදී. ඔහු උතුරට ගොස් සිදු කළ දුෂ්ඨ අවනීතික ක්‍රියාවෙන් පසුගියදා උතුර ගිනි ගත් බව මේ වනවිට අනාවරණය වී ඇත.

මෙලෙස යාපනය ගිනි තැබීමට මුල් වූ උතුර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ආරම්භ කර ඔහුව උතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන නැති බවත් ඒ වෙනුවට යාපනය දිස්ත්‍රික්කයේ සේවයේ නිරත උසස් ‍පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මාරු කර යවා ඇති බවත් යාපනයේ ‍පොලිස් නිලධාරීන් චෝදනා කරන බවද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වූ මහාලිංගම් සිවකුමාර් හෙවත් කුමාර් නමැත්තා ජනතාව විසින් අල්ලාගෙන පොලිසියට බාර දුන් පසු ඔහුව අත් අඩංගුවෙන් නිදහස් කර කොළඹට පැන යෑමට සැලැස්වීමට උතුර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කටයුතු කර ඇති අතර එසේ ඉහළ ‍පොලිස් නිලධාරියාගේ නියෝගයෙන් මුදාහැර සිටි සැකකරු ස්විට්සර්ලන්තය බලා පලායාමට සූදානමින් සිටියදි 19 වැනිදා වැල්ලවත්තේදී අත්අඩංගුවට පත්විය.

Facebook
Twitter
LinkedIn