විදේශීය ණය ප්‍රත්ව්‍යුහගත කිරිමට සමාන්තරව දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේදී මතු වී තිබෙන අනතුරු පිළිබඳව සාකච්ඡාවට පිළිතුරු දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම වැඩපිළිවෙලට බාධා කරණ සමහ බැංකු සහ කොටස් වෙළඳපොළ වුවද වසා දැමීමට සූදානම් බවට දැඩි වාග් තර්ජනයක් එල්ල කළේය.
අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මෙම තර්ජනය එල්ල කර තිබිණි.
තම ප්‍රකාශය අතරතුර මේ සම්බන්ධයෙන් “සමහර බැංකු කියනවා මේකට මූනදෙන්න බෑ කියලා. මම කියන්නෙ එහෙමනම් තමන් බාරඅරගෙන මේ ආර්ථිකය ගෙනියන්න කියලා. එක එක අය තුවක්කුවක් දාලා ඔළුවට තියලා මේක කළොත් කඩා වැටෙනවා. විශේෂයෙන්ම කොටස් වෙළඳපොළේ අය කියනවා කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා කියලා. කඩා වැටුනොත් මම ඒක වහන්නම්. එච්චරයි තියෙන්නේ.” යනුවෙන් දැඩි තර්ජනයක් එල්ල කළේය.
Views: 0










