රට තුළ පවතින දේශපාලනික අවදානම් සහගත තත්වය ඉහල මට්ටමක පවතින බවත්, ජනතාව විඳින දුෂ්කරතා හේතුවෙන් මහජන අතෘප්තිය ඉහල මට්ටමක පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.
එම අරමුදල පසුගිය මාර්තු 06 වෙනි දින ඉදිරිපත් කරන ලද වාර්තාවේ “විධායක සාරාංශය” තුළ මේ බව සඳහන් කර ඇත.
එම වාර්තාවේ අදාළ තත්වය අවධාරණය කර තිබෙන්නේ “කෙසේ වෙතත් දේශපාලනික අවදානම් සහගත තත්වයන් ඉහල මට්ටමක පවතින අතර, දූෂණය පිළිබඳ එල්ල වී ඇති චෝදනා සහ ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් නිර්මාණය වී ඇති දුර්වලතා හේතුවෙන් ඉහල මහජන අතෘප්තියක් උද්ගතවී තිබේ.” යනුවෙනි.
Views: 0










