දේශබන්දු තෙන්නකෝන් මීලඟ පොලිස්පති කිරීමේ අරමුණ ඇතිව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු හිටි හැටියේ මරු කර යැවීම් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබේ.
දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙම ස්ථාන මාරු කිරීම අනීතික බවත් ඒ අනුව තමන් එය පිළි නොගන්නා බවත් දැඩිව අවධාරණය කළ ලිපියක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට යවා ඇත. ඒ අනුව යමින් මධ්‍යම පාළාත භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියද මෙම අනීතික ස්ථාන මාරුවීම් පිළි නොගන්නා බව එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා යවා ඇත.
මෙම මාරු කිරීම් සිදු කරන ලද නිලධාරීන් කිහිපදෙනෙකුට කෙටි කාලයක් තුළ ස්ථාන මාරුවීම් කිහිපයක් ලබා දී ඇති බවද අනාවරණය වෙමින් පවතී.



Views: 0










