කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදය පිළියම් ලෙස අද (22) දිනයේ සිට මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන්නේ සතියේ වැඩකරන දිනයන්හි සවස 4.15 සිට සවස 6.30 දක්වා එක් දිශාවකට පමණක් වාහන ධාවනය කරමින් බව පවසයි.
ඒ අනුව ඉසිපතන මාවත, පාර්ක පටුමග හංදියේ සිට හැව්ලොක් පාර දෙසට පමණක් මෙම කාලය තුළ එක් දිශාවකට පමණක් වාහන ගමන් කිරීමටද සැලසුම් කර ඇති බවත් නව රථ වාහන ධාවන සැලැස්ම අනුව හැව්ලොක් පාර, ඩික්මන් විදුලි සංඥා හංදියෙන් ඉසිපතන මාවතට රථවාහන ඇතුළු කිරීමට අවසර නොලැබේ. ඉසිපතන මාවතට ගමන් කළ යුතු වාහන පාර්ක් පාරෙන් ඇතුළුවී පාර්ක් පටුමග ඔස්සේ ඉසිපතන මාවතට ඇතුළුවිය යුතු බවත් මෙම කාලය තුළ ඩික්මන් විදුලි සංඥා හංදියෙන් ඉසිපතන මාවතට රථවාහන ඇතුළු කිරීමට අවසර ලැබෙන්නේ නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.









