''අැවන් ගාඩ්'' විදේශවල සඟවා ඇති වත්කම් හෙළිවේ!

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන ගිය රක්නා ලංකා සමාගමට අනුබද්ධ අැවන් ගාඩ් පුද්ගලික සමාගම විසින් විදේශ රටවල් ගණනාවක විශාල මුදල් ප්‍රමාණයක් ස්ථාවර සහ සාමාන්‍ය ගිණුම් වශයෙන් බැංකුගත කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තොරතුරු අධිකරණයට වාර්තා කර තිබෙන්නේ ගාල්ල වරායේ පවත්වාගෙන ගිය අැවන් ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් කරගෙන යනු ලබන අධිකරණමය ක්‍රියාදාමයට අනුවය.

එහෙත් මෙම මුදල් ප්‍රමාණය කොපමණද? එම විදේශීය රටවල් මොනවාද? බැංකු මොනවාද? යන විස්තර හෙළිකර නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඇවන්ගාර්ඩ් සමාගමේ සියලු ලිපි ලේඛන සුරක්ෂිතව තබා ගැනීමට නියෝගයක් ලාබා දෙන ලෙසය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් සමාගමේ නිතීඥවරයා මතු කළ කරුණු පිළිබඳව සලකා බැලූ විනිසුරුවරිය එම පරීක්ෂණ සඳහා අවශ්‍ය වන්නේ කුමන ලිපි ලේඛන දැයි නිශ්චිතව සඳහන් කරන ලෙස දන්වා වැඩිදුර නඩු විභාගය ජූනි 05 වැනි දිනට කල් දමා ඇත.

Facebook
Twitter
LinkedIn