රාජ්‍ය බැංකු තුනක් උකසට!

ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ඩී.එෆ්.සී.සී.බැංකුව යන රාජ්‍ය බැංකු යොදා ගනිමින් විදේශවලින් ඩොලර් කෝටි 220ක් හෙවත් රුපියල් කෝටි 28600ක් පමණ ණය මුදලක් හිටපු මහ බැංකු අධිපතිවරයාගේ නියමයෙන් ලබාගෙන ඇත.

පසුගිය පෙබරවාරි 27 වෙනි දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මූල්‍ය වංචාවක් හෝ අක්‍රමිකතාවයක් සිදුවූයේ දැයි සොයා බලන ලද කමිටුව නිකුත් කළ වාර්තාවෙන් මේ බව හෙළිවේ. ලංකා බැංකුව ඩොලර් කෝටි 100ක (රු. කෝටි 13,000ක් පමණ) ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඩොලර් කෝටි 100 (රු. කෝටි 13,000ක් පමණ) සහ ඩී.ෆ්සී.සී. බැංකුව ඩොලර් කෝටි 20ක් (රු. කෝටි 2,600) වශයෙන් ලබාගෙන තිබේ. රාජ්‍ය බැංකු මගින් විදේශවලින් මෙම ණය මුදල් ලබා ගැනීම සඳහා සේවක භාරකාර අරමුදලින් ලබාගන්නා ලද ණය මුදල් අදාළ වාණිජ බැංකු තුනෙහි ආයෝජනය කරමින් කෘතිම ලෙස මුල්‍ය ශක්තිය ඉහළ යවා විදේශ ණය දෙන ආයතන වෙත නේවා තිබෙන බවද මෙම වාර්තාව හෙළිකර ඇත.

මේ අතර ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසියේදී මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාවන අර්ජුන් අලෝසියස්ට අයත් “පර්පෑචුවල් ට්‍රෙසරීස්” සමාගම වෙනුවෙන් ලංකා බැංකුවේ මුදල් රුපියල් කෝටි 500ක් පමණ බැඳුම්කර සඳහා යෙදවීම පිළිබඳව එම බැංකුවේ වගකිවයුත්තන්ගෙන් නිදහසට කරුණු විමසිය යුතු බවද එම වාර්තාවේ සඳහන් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කටයුතු විනිවිද භාවයකින් තොරව සිදුවන බවද එම කමිටු වාර්තාව හෙළිකර තිබේ.

Facebook
Twitter
LinkedIn