පළාත් පාලන මැතිවරණය යළි කල් යයි

පළාත් පාලන මැතිවරණය යළි කල් යයි

මැතිවරණ කොමිසම විසින් මේ වනවිට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමේ දිනය එම කොමිසම විසින් දෙවන වරටත් කල් දමා තිබේ.

එම ඡන්ද විමසීමේ දිනය පළමුවරට මාර්තු 09 ලෙස ප්‍රකාශයට පත් කළද අයවැය මගින් මැතිවරණය සඳහා වෙන් කළ මුදල් පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද මැචිහත්වීම මත මහා භාණ්ඩාගාරය මගින් ලබා නොදීම හේතුවෙන් අප්‍රේල් 25 දින දක්වා එම ඡන්ද විමසීම කල් දමන ලදී.

කෙසේ වෙතත් අප්‍රේල් 25 වනදාට දින නියම කළ ඡන්ද විමසීමේ දිනයද මේ වනවික කල් දමා ඇත්තේ තවදුරටත් අදාල මුදල් පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද මැචිහත්වීම මත මහා භාණ්ඩාගාරය මගින් නිදහස් නොකිරීම මතය.

ඒ අනුව මේ වනවිට අධිකරණයේ විභාගය වන නඩුවේ තීන්දුව මත හෝ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරුවීමෙන් අනතුරුව මැතිවරණ දිනයක් තීරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn