ජර්මනියේ ප්‍රවාහන කටයුතු ඇනහිටී

ජර්මනියේ ප්‍රවාහන කටයුතු ඇනහිටී

අද (27) ජර්මනියේ විශාලතම වෘත්තීය සමිති දෙකක් විසින් කැදවනු ලැබූ පැය 24ක වැඩවර්ජනයක් හේතුවෙන් ජර්මනියේ ප්‍රවාහන ජාලය මුළුමුණින්ම පාහේ ඇණහිට ඇතැයි වාර්කා වේ.

ගුවන් තොටුපළ, වරාය, දුම්රිය, බස්රථ සහ උමං මාර්ගවල කාර්ය මණ්ඩලය ඊයේ (26) මධ්‍යම රාත්‍රිය වන විට සේවය නවතා පිටවීගොස් ඇතැයි වාර්තා වේ.

තම සාමාජිකයින්ට ඉහළ යන ජීවන වියදම සමඟ සාර්ථකව කටයුතු කිරීමට වැඩි වැටුප් ඉල්ලා සිටිමින් වෘත්තීය සමිති විසින් මෙම වැඩවර්ජනය කැදවා ඇති අතර රජයට විරෝධය දක්වමින් දශක කිහිපයකින් පැවැත්වූ විශාලතම පාගමනද සිදුකිරීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

පොදු ප්‍රවාහනය සහ ගුවන් තොටුපල ඇතුළුව රාජ්‍ය අංශය පුරා මිලියන 2.5 ක් පමණ සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නියෝජනය කරන බවත් ජර්මනියේ ජාතික දුම්රිය ක්‍රියාකරු වන ඩොයිෂ් බාන් සමාගමෙහි සහ අනෙකුත් බස් සමාගම්වල සේවකයින් 230,000 ක් පමණ නියෝජනය කරණ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Facebook
Twitter
LinkedIn