ලකී ගාමිණී වානගුරු දිවි රඟ මඩල නිමා කරයි

ලකී ගාමිණී වානගුරු දිවි රඟ මඩල නිමා කරයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිණී මානෙල් වානගුරු මහත්මියගේ වැඩිමල් සොහොයුරාද වූ ලකී ගාමිණී වානගුරු අභාවප්‍රාප්ත වී තිබේ.

චිත්‍රපට රැසකට රංගනයෙන් එක්වූ ඔහු දමයන්ති, සදහටම ඔබ මගේ, දිනුම් කණුව යන චිත්‍රපටවල රංගනයෙන් රසිකයින් අතර ජනප්‍රිය විය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ඩඩ්ලි වානගුරු මහතාගේ වැඩිමල් පුතුද විය.

ඔහුගේ අවසන් කටයුතු හෙට (25) සිදුකිරීමට නියමිතව ඇත.

Facebook
Twitter
LinkedIn