ගංජා සමග OIC, කොස්තාපල් අත්අඩංගුවට

ගංජා ජාවාරමේ නිරතවීම සම්බන්ධයෙන් පලෙයි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු සැකපිට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව කළ වැටලීමකදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02ක් සොයාගැනීමට සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

Facebook
Twitter
LinkedIn